සිරිදම් විදු මෑණියන්ගේ සෙවනේ සිප් සතර හදාරන ආදරණීය දුවා දරුවන් වෙත. මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ සමස්ථ පෘතුවි තලයම බියෙන් හා කුතුහලයෙන් තැතිගෙන සිටින අවස්ථාවකටයි. මේ මොහොතේ අප මේ තත්ත්වයට මුහුණ දිය යුත්තේ රැල්ලට අනෙක් අය කරනු ලබන දෙය අනුකරනය කිරීම නොව බුද්ධිමත්ව සුදුසු දේ කිරීමයි.

කොවිඩ්-19 වසංගතයට සාර්ථකව මුහුණ දී සිටින අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය මේ නිසා පසුබෑමට ලක්වීමට ඉඩ දිය යුතු නැතැයි යන්න අප සැමගේම අදහසයි. ඒ නිසා ආදරණිය දරුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ

  1. ඔබ වෙත රජයෙන් ලබා දී ඇති පෙළ පොත හොදින් අධ්‍යනය කරන්න.
  2. එම පෙල පොතේ ඇති අභ්‍යාස නැවත නැවත කරන්න.
  3. එම අභ්‍යාස වලට අමතරව පෙළ පොත ඇසුරින් තමන් විසින්ම සකස්කර ගත් අභ්‍යාස කරන්න
  4. පෙළ පොත ඇසුරින් කෙටි සටහනක් සකස් කරන්න.

මීට අමතරව ඔබේ අවධානය හා අධ්‍යනය සඳහා අප විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න පත්‍ර හා අනෙකුත් ඉගෙනුම් ආධාරක ඉතා හොදින් අධ්‍යනය කර පිලිතුරු සපයා ඔබ පාසල් එන විට රැගෙන එන්න.

සියලුම දරුවන් සදහා පරිගණක හා අන්තර්ජාල පහසුකම් නොමැතිබව මම දනිමි. හැකි සෑම දරැවෙක්ම හැකි අයුරින් තම යහලුවන් සමග දැනුම හුවමාරු කර ගන්න.

ඔබ අප සියලු දෙනාටම මෙම ව්‍යසනයෙන් ඉක්මනින් මිදීමට හැකිවනු ඇතැයි විශ්වානීය ප්‍රාර්ථනය සිත්හී සනිටුහන් කරගමු.

රවීන්ද්‍ර පුෂ්පකුමාර
විදුහල්පති සිරිධම්ම විද්‍යාලය – ලබුදූව.


ආදර්ශ ප්‍රශ්නපත්‍ර

2020 පළමු වාරය සඳහා ආදර්ශ ප්‍රශ්නපත්‍ර